රජකම් කළත් කළකම් පළදේ..
තරුණයාගේ පටු, අපිරිසිදු චේතනාව හේතුවෙන් එම සම්බන්ධයට කාලයත් සමඟ නැවතීමේ තිත තැබීමට සිදුවීම කෙතරම් ශෝක ජනකද?
කුජ දෝෂ දුරු කිරීම සඳහා කුජ අදාළ රාශී වල පිහිටීම මඟින් මෙන්ම කෝටියක් දෝෂ භංග කරන්නා වූ ගුරු ග්‍රහයාගේ බලවත්වීම සම්බන්ධයෙන් අපි මීට පෙර කතා කළෙමු.
මීට පෙර කතා කළ එම ක්‍රමවේදයන්ගෙන් කුජ දෝෂය දුරුකර ගැනීමට නොහැක්‌කේ නම් ජ්‍යොතිෂ විද්‍යාවෙන් අපට තවත් ගත හැකි විකල්ප ක්‍රම තිබේද යන්න අද අපි විමසා බලමු.
කුජ දෝෂය පවතින කේන්ද්‍රය හා ගැළපීමට නියමිත අනෙක් පාර්ශවයේ කුජ සිටින රාශියේ බලවත් ලෙස රවි පිහිටා තිබීම මෙම බහුම දෝෂය දුරුකර ගත හැකි තවත් විකල්ප ක්‍රමයකි.
ස්‌ත්‍රී කේන්ද්‍රයේ හෝ පුරුෂ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ පිහිටා ඇති අතර අනෙක් පාර්ශවයේ කුජ පිහිටීමක්‌වත්, ගුරු පිහිටීමක්‌වත් නොමැතිව, එම දෙපළගේ කේන්ද්‍රයේ පහත සඳහන් ගැළපීම් ඇත්නම් පමණක් එනම්.
ස්‌ත්‍රී කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ තිබියදී පුරුෂයාගේ කේන්ද්‍රයේ රවි හත්වැන්නේ පිහිටා තිබීම හෝ පුරුෂ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ තිබියදී ස්‌ත්‍රී කේන්ද්‍රයේ රවි හත්වැන්නේ පිහිටා තිබීමෙන් මේ දෙදෙනා ප්‍රේම සබදතාවක් ඇති කරගෙන සිටින්නේ නම් එය පෙර සංසරයේ පුරුද්දක් බව විශ්වාස කළ හැකි ජ්‍යොතිෂය මතයකි. එම විශ්වාසය මත පදනම් වූ ආදරය කඩා බිඳ නොදමා යම් කිසි පිළියමක් යොදනවා යෑයි සිතා කටයුතු කරන්නේ නම් අපට රවි කුජගේ රාශීයේ සිටින්නා වූ බැවින් මෙම විවාහය ඉහත ගැළපීම් මත සිදු කළ හැකි වේ. එසේ නොමැති නම්,
එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවයේ කුජ සිටි රාශියේ රාහු පිහිටියහොත් එයද පිළියමක් ලෙස සලකා එම දෙපළට එකතු වීමට ඉඩදිය හැකිවේ.
ඉහත සඳහන් කළ එක් ක්‍රමවේදයකටවත් දුරු කළ නොහැකිව කුජ දෝෂය සහිත කේන්ද්‍රයේ අනෙක් පාර්ශවය හා ගැළපිය නොහැකි වේ නම් "රජකම් කළත් කළකම් පළ දේ" යන කියමන මෙන් මේ ආත්මයේදී නොව පෙර ආත්ම භාවයක සිදු කරනු ලැබූ යම් අකුසලයක් මේ ලෙස ගෙවන්නේ යෑයි සිතිය යුතුය.
මේ ආත්මයේ සිදු කරන හොඳ නරක අපි මතු ආත්මයට ගෙන යන බව බෞද්ධයන් වන අපගේ විශ්වාසයයි.
යම් තරුණයෙක් තමන්ගේ අපිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන තමා අවස්‌ථාවාදීව ක්‍රියාකොට යම් තරුණියකට මේ ආත්මයේ විශාල අසාධාරණයක් සිදු කළේ යෑයි සිතන්න. නමුත් ඒ තරුණිය දහසකුත් බලාපොරොත්තු මැද රබන් සුරල් මැද මනමාලියක් වී නෑදෑයන් සමඟ තම ස්‌වාමියා ගේ නිවහනට යාමට කෙතරම් සිහින මවන්නට ඇත්ද?
තරුණයාගේ පටු, අපිරිසිදු චේතනාව හේතුවෙන් එම සම්බන්ධයට කාලයත් සමඟ නැවතීමේ තිත තැබීමට සිදුවීම කෙතරම් ශෝක ජනකද?
ඇයට ද්වේෂය පෙරදැරි කරගෙන ඉදිරි ජීවිතයට මුහුණ දීමට සිදුවෙයි. ඇයගේ සිහින ලෝකය කඩා ගෙන වැටෙයි. ඇයට ඇයගේ හිතට එකඟව වෙනත් සුදුසු විවාහයක් කර ගැනීමට බාධා ඇතිවන බැවින් ඇයට නොගැළපෙන විවාහයකට යාමට සිදුවේ.
ඇයගේ ජීවිතයට මෙම ඉරණම අත්වීම පිළිබඳ මුළු ජීවිත කාලය පුරාම හඬමින් කාලය ගත කිරීමට සිදුවෙයි. ඇයට මෙම අපරාධය කිරීමෙහිලා වගකිව යුත්තාට යම් ආත්මයකදී එය ගෙවා දැමීමට සිදුවීම ජ්‍යෙතිෂය අපූරුවට පෙන්වා දෙනු ලබයි. ඒ කෙසේද යත්...
ඉහත සඳහන් කරන ලද තරුණයාට යම් ආත්ම භාවයකදී හමුවන්නා වූ තරුණිය කිසිසේත් ඔහුගේ හඳහන හා නොගැළපේ. නමුත් ඔවුන් දෙපළ "අපට ජ්‍යෙතිෂයෙන් කිසිදු යහපතක් නොවන්නේ" යෑයි සිතමින් විවාහය සිදු කර ගනියි. හත්වැන්නාධිපතියා අටට ගොස්, අටවැන්නාධිපතියා හතට යාම යන පරිවර්තන යෝගයක් ඇති දෙපළක් එලෙස හිතුමතයේ විවාහ වෙයි. ඉහත කී පෙර ආත්මයේ සිදු කරන ලද අකුසලය මේ ආත්මයේ ඔහුට අනිවාර්යයෙන්ම ගෙවා දැමීමට සිදුවේ. ඔවුන් දෙපළ සුන්දරව කලදවස ගෙවා යන අතරමග ස්‌ත්‍රීය හෝ පුරුෂයා ජීවිතයෙන් සදහටම සමු ගැනීම නිසා එක් පාර්ශවයක් කණවැන්දුම් වේ. කසළ ගොඩට කසළ එකතු වන්නා සේ එසේ සංසාරයේ සිදුකරන ලද පාප කර්ම යම් ආත්මයකදී අනිවාර්යයෙන්ම විඳීමට සිදු වීම කිසිදු බලවේගයකටත් වැළැක්‌විය නොහැක.
එසේ නොමැතිව ස්‌ත්‍රියගේ කේන්ද්‍රයේ බහුම දෝෂ සහිතව තිබියදී අනෙක් පාර්ශවය දෝෂ ගෙන දෙන්නා වූ පාප කේන්ද්‍රයක් නොවන්නේ නම් හෝ ගුරු, රවි, රාහු යන ග්‍රහයන්ගේ පිහිටීමකින්වත් එකී දෝෂ දුරුකර ගැනීමට නොහැකි වුවද ඔවුන් දෙදෙනාගේ ආදරය සංසාරයේ පතාගෙන එන පරම පිවිතුරු නම් එයද ජ්‍යෙතිෂයෙන් අනාවරණය කර ගත හැකිවේ.
අතීතයේ සිදු වුණුදේත්, වර්තමානයේ සිදුවන දේත්, අනාගතයේ සිදුවීමට නියමිත දේත් නිතැතින්ම කිව හැකි ශාස්‌ත්‍රයක් වේද ඒ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයයි.
පෙර සංසාරයේ කොතැනක සිටියේද? කවරාකාරයේ පුද්ගලයෙක් වී සිටියේද? ඒ ආත්මයේ දී කුමක් කළේද? මේ ආත්මයට එකී කාරණා බලපාන්නේ කෙසේද? එතැනින් පසු ඉදිරි ආත්මය ගත කරන්නේ කෙසේද යන වග ජ්‍යෙතිෂය විද්‍යාව නැමැති විෂය ගැඹුරින් හදාරනු ලැබූ ජ්‍යෙතිෂවේදියෙකුට පැවසිය හැකිය.
පිරිසිදු ආදරයක් කඩා බිඳ නොදමා නුවණැසින් දක්‌ෂ ජ්‍යෙතිෂවේදියකු ලවා විමසා බලා එම දෙපළ පෙර සංසාරයේ කිසිදු පාපකාරී ක්‍රියාවලට හවුල් නොවී ඇත්නම් දෙවියන්ගේ පිහිට ලබා දීමෙන් ඔවුන් දෙපළ එකතු කර යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට මඟ පාදා දීම කළ හැක.
උදා - ඓශ්චර්යා රායිගේ සහ අභිෂේක් බච්චන්ගේ විවාහය
ජ්‍යෙතිෂ විද්‍යාව යන විෂය වනාහි සත්‍යවාදී විෂයකි. පොරොන්දම් විෂයද එලෙසමය. නමුත් මේ සියලූම කරුණු වලින් ගත යුතු දේ පමණක් ගෙන ගතානුගතිකව ඇලී ගැලී නොසිට පමණට වඩා කිසිදා කාරණාවකට බිය නොවී, 100% ක් ශුද්ධවම නොගෙන යම් දුරකට නුවණින් තෝරා පහදා ගෙන විවාහ වීමට කටයුතු කිරීම යහපත් වේ. නැතහොත් අපේ ජිවිතයට කිසිදා සැනසීමක් ඇති නොවේ.
මීට පෙර ඔබ වෙත ගෙන හැර දැක්‌වූ කරුණ ජ්‍යෙතිෂ විද්‍යාවේ හෙළි කරන කරුණු වේ. කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව එකී කරුණු සඳහන් කරන්නට යෙදුනේ ආධුනික ජ්‍යෙතිෂ වේදියෙකුගේ ඇස් පෑදීමටත්, විවාහ දිවියට පා තබන තරුණ තරුණියන්ට ජ්‍යෙතිෂ විද්‍යාව පිළිබඳ බියක් ඇති නොකර ගනිමින් යම්තාක් දැනුමක් ලබා ගෙන සිතට සැනසීමක් දීමටය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්
ඔබ තුමාට බොහොම පින් මේ වගේ දෙවල් කියලා අපිව දැනුවත් කරනවට... ඔබට තෙරුවන් සරණයි!
ReplyDeleteඅදහස් දැක්වුවාට ස්තුතියි..
Deleteමට ලොකු ප්‍රශ්නයක් තියෙනව මේ සම්බන්ධව... මේ ඔබ කියන ආකාරයේම දෙයක්. මට ඔබට පෞද්ගලිකව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් කියන්න පුලුවන්ද? ලොකු පිනක් වේවි...!
ReplyDeleteතවත් දැන ගන්න කැමතියි.....මේ අපිට ඉතාම වැදගත් දෙයක්.... ඇයි කල යුතු.... මේක මතයක්ද නැත්නම් මෙහි ගැඹුරු අරුත් ඇද්ද...මේවා හිතට වද දෙන කරුණු...ඉතිරි ඒවත් එනකම් බලා ඉන්නේ...
ReplyDelete