මීට පෙර අපි කතා කරනු ලැබුවේ කුජ හතේ හෝ අටේ පිහිටීම කනවැන්දුම් යෝගයක් ද යන කරුණ පිළිබඳවය. එම බහුම දෝෂය මැඩගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ කේන්ද්‍රයේ ඇති කුජ පිහිටීමට අනෙක් පාර්ශ්වය ගළපා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දැන් විමසා බලමු.
යම් ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ කේන්ද්‍රයේ මෙම කුජ හත් වැන්නේ පිහිටා තිබෙන්නේ නම් එය දුරු කර ගැනීමට ඔහු හෝ ඇය තෝරා ගත යුතු අනෙක් පාර්ශ්වය මෙසේය.
කුජ - 01, කුජ - 02, කුජ - 04 - කුජ - 07 - කුජ - 8 හෝ කුජ 12 යන රාශියක පිහිටි අයෙකු වීම. මෙය වැදගත් වේ.
විශේෂයෙන් යම් කෙනෙකු ගේ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ පිහිටියේ නම් අනෙක් පාර්ශ්වයේද කුජ හත් වැන්නේම පිහිටා තිබීම සාර්ථක විවාහ ජීවිතයකට සුදුසු ග්‍රහ පිහිටීමක් බව ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි.
වසර ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව කාලය ඉක්‌ම විවාහයට නැකැත් සෑදීමේදී හෝ දින නියම කර ගැනීමේදී හෝ විසි පොරොන්දම් ගැළපීමේදී මෙම කුජ දෝෂය යම් ස්‌ත්‍රියකට හෝ පුරුෂයෙකුට බලපාන්නේ නම් එම දෙපාර්ශ්වයටම විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. අපි මීට පෙර ඒ පිළිබඳ කතා කළෙමු.
එක් කේන්ද්‍රයක මෙම බහුම දෝෂය හෙවත් කුජ හතේ පිහිටීම තිබේ නම් අනෙක් කේන්ද්‍රයේ එම දෝෂය නොමැති නම් වෙනත් ගැළපීමක්. කැපීමක් ඇතිද යන වග ජ්‍යොතිෂවේදියා විසින් පරීක්‌ෂා කර බලා පැලැස්‌තරයක් එළීමට ඔහු තම තෙවැනි ඇස උපකාරී කරගත යුතුය.
ඉහත සඳහන් කළ කුජ රාශින්ගේ ගැළපීමක් සිදු කිරීමට නොහැකි නම් ජ්‍යොතිෂ විද්‍යාවේ පරතෙරට යාමෙන් අපට දිය හැකි වෙනත් විකල්ප ගැළපීම්වලට යා හැකිවේ. ඒ අතර,
කුජ දෝෂය පිහිටා ඇති කේන්ද්‍රයක අනෙක් පාර්ශ්වයේ ගුරු ග්‍රහයා ලග්නාධිපතිව සිටීම කෝටියක් දෝෂ භංග කරනු ලබන ග්‍රහ පිහිටීමක් වන නිසාවෙන් මෙම කුජගේ දෝෂය භංග කර දැමීමේ ශක්‌තිය ලබාගත හැකිවේ.
ගුරු ග්‍රහයා තුන් වැන්නේ සිටීමෙන් හත් වැන්න දැකීම නිසා කුජ දෝෂය භංග කර දැමීමේ මතයට පැමිණිය හැකිවේ.
හත්වැනි රාශියේම ගුරු පිහිටා තිබීමෙන් මෙම කුජ දෝෂය භංග කරලීමට ශක්‌තිය ලබාදීම මත විවාහයක් සිදු කර ගැනීමට හැකිවේ.
ගුරු එකොළොස් වැන්නේ සිට හත්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ඨියක් ලබා දීම මත විවාහයක් සිදු කර ගැනීමට හැකිවේ.
ගුරු එකොළොස් වැන්නේ සිට හත්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ඨියක් ලබා දීම තුළින් දෝෂ භංග වීම යන විශ්වාසය පදනම් කරගෙන යම් දෙපළකගේ මෙම බහුම දෝෂයට පැලැස්‌තරයක් එළීමට හැකිවේ.
කුජ ග්‍රහයා ඉහත සඳහන් රාශිවල පිහිටා තිබීමෙන් හෝ ගුරු ග්‍රහයා බලවත් ලෙස පිහිටා තිබීමෙන්ද මෙම බහුම දෝෂය භංග කර දැමිය හැකි බව ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි.
කුජ දෝෂය පවතින කේන්ද්‍රයක අනෙක් පාර්ශ්වය කුජ රාශිවල පිහිටීම හෝ ගුරු ග්‍රහයා බලවත් වීමක් හෝ සිදු නොවන්නේ නම් අපට ගැළපීම් කළ හැකි තවත් විකල්ප ක්‍රම මොනවාදැයි මීළඟට විමසා බලමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්
No comments:
Post a Comment