යෝනි පොරොන්දම

           මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

           අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ/අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.

          එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.

        එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.

       එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

        මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

         අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

         ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

        දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

        එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

24 comments:

  1. පුරුශයා වැදිරී යෝනිද,කාන්තාව සර්ප යෝනි නම් ගැලපෙනවද,පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. යකා කපුමහතා ,ඒකලSeptember 1, 2025 at 1:51 PM

      නැත

      Delete
    2. කොහොමත් ඔය කොළ කෑලි වලින් හරියටම ගලපන්ඩ බෑ..යකෝ.උඹටඕන කමක් තියේ නම් ගලපගෙන ඉස්සරහටත් පලයන් , ඒක තමා ජීවත් වෙනව කියන්නෙ අරයෝනි මේ යෝනි ආච්චිගෙ රෙද්දෙ යෝනි ගලප ගලප ඉන්නවද පිටරට උන් ?

      Delete
  2. පුරුෂයා වඳුරු යෝනියද ස්ත්‍රිය ඇත් යෝනිය ඇති දෙදෙනෙක්ගේ විවාහ ලිංගිකත්වය සාර්ථකද?

    ReplyDelete
    Replies
    1. සංඛණී යෝනිය කියන්නේ මොකද්ද

      Delete
  3. ස්ත්‍රියගෙ කිසිදු යොනි පිහිටීමක් නොදැක්විමක දී විවාහයට වන බලපෑම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මං බැදල ඉන්නෙ... මහත්තය සුනක....මං මුව..... .මොකක්ද කරන්නෙ මං ..

      Delete
    2. ස්ත්‍රිය එළු යෝනි වෙලා පුරුශයා සුනඛ උනොත් කොහොමද

      Delete
  4. මුසික කියන්නේ මොකාටද

    ReplyDelete
  5. පද්මිණී කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මල් සුවදින් පිරුණු යෝනියක් සහිත ස්ත්‍රිය.

      Delete
    2. ආය ඉතින් අමුම අමු ගවය ඈ🖕😅😅 අනේ #කෝ පැය විසිහතරෙම වැහිල තියෙන, දාඩිය දාන , තව ජීව ක්‍රියාවලි ගොඩක් වෙන, ස්‍රාව පිටවෙන යෝනි මාර්ගයක් කොහොමද බල්ලෝ මල් සුවද ගහන්නෙ 😅😅 #කන කතා කියලා පදිරි වෙන්නැතුව කට #ක පියාගෙන හිටපන් පාඩුවේ ..ගොන් #කයා

      Delete
  6. බළල් පිරිමි ඇත් ගැහැණු ගැලපෙනවද

    ReplyDelete
  7. අශ්ව - මුවා සුභද අසුභද කියන්න පුලුවන්ද

    ReplyDelete
  8. ශශ යෝනිය යනු කුමක්ද

    ReplyDelete
  9. සිංහ වෘෂභ

    ReplyDelete
  10. පුරුෂයා ව්‍යාග්‍ර පිරිමිද ස්ත්‍රිය වැඳිරි යෝනියේද නම් එය කෙසේ වන්නේද

    ReplyDelete
  11. එළු සහ මුගටි

    ReplyDelete
  12. එළු සහ මුගටි

    ReplyDelete
  13. ගව සහ මී දෙන යෝනි ගැලපෙනවද

    ReplyDelete
  14. පුරුෂයා සිංහ දෙන යෝනි සහ කාන්තාව මූසික යෝනි ගැලපෙනවද ? විවාහ ජීවිතය සාර්ථක වෙනවද ?

    ReplyDelete