මීළඟට අපි කතා කරන්නේ රාශි පොරොන්දම පිළිබඳවයි. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක් ජ්‍යොතිෂයේ සඳහන් වේ.
මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය.
දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි.
දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක් උපන්නේ නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක් පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි.
මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස් දෙකකි. ස්‌ත්‍රී රාශියක් ස්‌ත්‍රියට, පුරුෂ රාශියක් පුරුෂයාටත් හිමි වී නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක් පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි.
ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක් පුරුෂයාට වී නම් අශුභයි.
දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්