මෙම පොරොන්දමේ වැදගත්කම උසුලන්නේ ලග්නාධිපති ග්‍රහයායි. ඕනෑම ලග්නයකට ලග්නාධිපති ග්‍රහයෙක් සිටියි. ඒ අනුව,
මේෂ ලග්නයට ලග්නාධිපති කුජ ග්‍රහයාද, වෘෂභයට සිකුරු ග්‍රහයාද, මිථුනට බුධ ග්‍රහයාද , කටකට සඳු ග්‍රහයාද, සිංහට රවි ග්‍රහයාද, කන්‍යාවට බුධ ග්‍රහයාද, තුලාවට සිකුරු ග්‍රහයාද, වෘශ්චිකට කුඩා ග්‍රහයාද, ධනුට ගුරු ග්‍රහයාද, මකරට ශනි ග්‍රහයාද, කුම්භට ශනි ග්‍රහයාද, මීනට ගුරු ග්‍රහයාද ආදී වශයෙන් ලග්නයට අධිපති ග්‍රහයන් පිළිබඳව ජ්‍යොතිෂ පෙන්වා දෙයි. ලග්නය සඳහන් කොටුව කිසි විටෙක හිස්‌ව නොපවතියි. ඒ කෙසේද යත් ඕනෑම පාලු නිවසකට සෘජුවම පෙනී නොසිටියද කුමන ස්‌ථානයක හෝ හිමිකරුවෙකු සිටින්නාක් මෙනි.
ස්‌ත්‍රි හා පුරුෂ යන දෙපාර්ශවයන්ගේ ලග්නවල අධිපතිත්වය දරන ග්‍රහයන් දෙදෙනා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව කියයි. එක් ග්‍රහයෙකුට තවත් ග්‍රහයෙක් මිතුරු වන අයුරුත් , සතුරු වන අයුරු හා මුස් වන අයුරුත් පෙන්වා දෙයි.
උදාහරණයක් ගෙන බැලුවහොත් ඔබ යම් උත්සවයකට සහභාගි වුවා යෑයි සිතන්න. ඔබ බොහෝ විනෝදයෙන් එහි පැමිණි පුභූන් හා හිතමිත්‍රාදීන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින විට ඔබේ සතුරෙකු එම ස්‌ථානයට පැමිණියේ නම් ඔබේ සතුට සහමුලින් ම ඔබෙන් ගිලිහී යයි. හද ගැස්‌මක්, චකිතයක් සහිතව කලබල වී ඔබ එතැනින් හැකි විගසින් පිටත්ව යාමට තීරණය කරයි.
එලෙසම ලග්නාධිපති ලග්නාධිපතිට සතුරු වී තිබිය දී විවාහවීමෙන් දෙදෙනාට දෙදෙනා හමුවන හැම විටම ගැටලු බහුල වීම නිසා යුග දිවියේ සාර්ථකත්වයට බාධා පැමිණේ.
යම් කෙනෙකු උපදින වේලාවේ ලග්නය මුල්කොට ගෙන පලාඵල කියුවද, දක්‌ෂ ප්‍රවීණ ජ්‍යොතිෂවේදියා රවි ග්‍රහයා මෙන්ම සඳු ග්‍රහයාද මුල් කොට ගෙන ඵලාඵල රැකීමට කීමට සමත්වේ. එසේ සඳු මුල් කරගෙන පලාඵල කීම චන්ද්‍ර ලග්න කේන්ද්‍රය නම්. එහිදී චන්ද්‍ර රාශියට අධිපති ග්‍රහයන් දෙදෙනා අතර ඇති සම්බන්ධය මිත්‍රද, සමද, සතුරු ද යන්න විමසා බලයි.
මෙම පොරොන්දම පහත සඳහන් අයුරින් ගළපා බලයි.
දෙදෙනාගේ ලග්නාධිපති ග්‍රහයන් දෙදෙනා අතර ද,
දෙදෙනාගේ චන්ද්‍ර රාශී අධිපති ග්‍රහයන් දෙදෙනා අතරද,
පුරුෂයාගේ ලග්නාධිපති ග්‍රහයා සහ ස්‌ත්‍රියගේ චන්ද්‍ර රාශ්‍යාධිපති යන ග්‍රහයන් දෙදෙනා අතරද,
පුරුෂයාගේ චන්ද්‍ර රාශ්‍යාධිපති ග්‍රහයා සහ ස්‌ත්‍රියකගේ ලග්නාධිපති යන ග්‍රහයන් දෙදෙනා අතර ද,
4ම මිත්‍ර නම් - ඉතා ශුභයි
4ම සම නම් - ශුභයි
4ම සතුරු නම් - ඉතා අශුභය
3ක් මිත්‍ර නම් - ශුභයි
3ක් සම නම් - ශුභයි
3 ක් සතුරු නම් අශුභයි
2ක් මිත්‍ර නම් සහ 2ක් සම නම් ශුභයි.
2ක් සතුරු නම් අශුභයි.
2ක් මිත්‍ර වී 2ක් සම වී නම් - ශුභයි
2ක් මිත්‍ර වී 2ක් සතුරු හා සම නම් - අශුභයි
2ක් සතුරු වී 2ක් සම නම් - අශුභයි
1ක් මිත්‍ර වී 3ක් සම නම් - මධ්‍යමය
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්